27th December 2016 16:25:58 පැය
යාපනය අර්ධද්විපයේ රැකියා විරහිත අයවළුන් හට රැකියා ලබාදීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ දී සහ 523 බලසේනා මුලස්ථානයේ දී සිකුරාදා (23) දින පවත්වන ලදි.
26th December 2016 15:13:57 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.
24th December 2016 13:37:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව සඳහා කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවා ඇත. පහත දක්වා ඇති සුදුසුකම් සහිත අයවළුන් හට 2017 ජනවාරි 15 වන දිනට ප්‍රථම (online) තම අයදුම් පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දන්වා සිටි.
24th December 2016 13:35:49 පැය
පුනරීන්හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවේ දී අදාල බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම භුමියේ ඉන්ටර්ලොක් ගඩොල් ඇතිරීම සඳහා තම උපරීම සහයෝගය ලබාදෙන ලද අතර, බ්‍රහස්පතින්දා (22) දින එය විවෘත කිරීමට නියමිත වේලාවට ප්‍රථම එහි වැඩකටයුතු අවසන් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදි.
24th December 2016 13:33:37 පැය
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි.
22nd December 2016 15:49:43 පැය
ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් සෙනසුරාදා (24) දින කොළඹ 07, ඩි.එස්. සේනානායක ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික කායවර්ධන ශුරතා තරඟාවලියේ දී ජයග්‍රහණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.
22nd December 2016 15:48:10 පැය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අවට රෝහල් හි ගිලන් රථ රියදුරන් සහ අනෙකුත් රියදුරන් (22) පෙරවරුවෙහි හදිසියෙහි සිදු කරනු ලද වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල් හි හදිසි අවශ්‍යතාවයන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ රියදුරන් යෙදවීම සිදු කරනු ලැබීය.
22nd December 2016 15:47:21 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියළුම නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
21st December 2016 22:05:40 පැය
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් නත්තල් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය (21) සන්ධ්‍යාවේ නෙළුම්පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ පවත්වනු ලැබීය.
20th December 2016 14:35:33 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජීවත්වන දිළිදු මහළු යුවලක් වෙත රාජ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදි කර දී ඇත.