Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2016 22:05:40 Hours

යුද හමුදා නත්තල් කැරොල් ගී නෙළුම්පොකුණේදී

යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් නත්තල් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය (21) සන්ධ්‍යාවේ නෙළුම්පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ පවත්වනු ලැබීය.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගිවු අතර, මෙම විශේෂ අවස්ථාව ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ද්විත්වයෙන්ම පවත්වන ලදී.

යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා විසින් නෙළුම්පොකුණ ශ්‍රවනාගාර පිවිසුම් දොරටුව අභියස දී ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ පැවිදි අනුශාසක බෙනඩික් ජෝෂප් පියතුමන් සමගින් යුද හමුදා බැති ගී කණ්ඩායම හා තවත් බැති ගී කණ්ඩායම් කිහිපයක් කැරොල් ගීතිකා ඉදිරිපත් කරන ලදී.

කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් විසින් නත්තලෙහි සැබෑ අරුත රැගත් නත්තල් දින පණිවිඩය සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

යුද හමුදා බැති ගී කණ්ඩායම සමගින් ප්‍රවිණ ගායකයින්ගේ හඩින් ‘Silent Night’, ‘O Holy Night’, & ‘Feliz Navidad’ යන වඩාත් කීර්තිමත් ගායනා ඉදිරිපත් කළ අතර, ඒවා ඉතා ප්‍රසංශාවට සහ අගය කිරීමට ලක් විය. මෙහිදී, යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ කැරොල් කණ්ඩායම, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කැරොල් කණ්ඩායම, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ කැරොල් කණ්ඩායම සමගින් යුද හමුදා සාමාජිකයින් එක්ව කළ ගායනා මගින් ද එම අවස්ථාව ඉතා වර්ණවත් විය.

ඉන්ද්‍රානි පෙරේරා, කොරීන් අල්මේදා, අනිල් භාරතී, මැක්සිමෙල් සිල්වා, රූකාන්ත ගුණතිලක වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් සහ තවත් ප්‍රධාන පෙලේ ගායක ගායිකාවන් කිහිපදෙනෙකු ගායානාවන් ඉදිරිපත් කල අතර, යුද හමුදා බැති ගී කණ්ඩායමේ ප්‍රවීණයන් ද මෙම අවස්ථාවට වාදන රිද්මයන් ද එක් කලහ.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්තුමාගේ භාර්යාව වන කරුණාසේන හෙට්ටිආරච්චි මහත්මිය ද සහභාගි විය.

හිටපු හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ කාලාත්‍රයින් ද මෙම අවස්ථාවට එක් වූහ.

Nike air jordan Sneakers | Asics Onitsuka Tiger