Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2016 13:35:49 Hours

පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා 66 වන සේනාංක භට පිරිස් හි සහාය

පුනරීන්හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවේ දී අදාල බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම භුමියේ ඉන්ටර්ලොක් ගඩොල් ඇතිරීම සඳහා තම උපරීම සහයෝගය ලබාදෙන ලද අතර, බ්‍රහස්පතින්දා (22) දින එය විවෘත කිරීමට නියමිත වේලාවට ප්‍රථම එහි වැඩකටයුතු අවසන් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදි.

ඒ අනුව, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ උපදෙස් මත එම සේනාංකයේ භට පිරිස් විසින් පැය කිහිපයක් තුල කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ටර්ලොක් ගඩොල් 3000 ක් පමණ ඇතිරීමට කටයුතු කළහ. එමෙන්ම, සමරුඵලකය ස්ථානගත කිරීම, ජල බවුසරය සැපයීම සහ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ද ඔවුන් සිය සහයෝගය දක්වන ලදි.

පුනරීන් ප්‍රාදේශීය ලේකම් ක්‍රිෂ්නේන්ද්‍රන් මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා භට පිරිස් ක්ෂණිකව ලබාදුන් සහයෝගය අගය කළ අතර, සේනාංකාධිපති සහ භට පිරිස් වෙත පුද්ගලිකව තම කෘතඥතාව ද පුද කළහ. තවද, මෙමඟින් එම ප්‍රදේශයේ යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින හොඳහිත තව තවත් වර්ධනය වන බව ද පැවසීය.

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, පළාතේ දේශපාලඥයින්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

bridgemedia | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK