11th September 2017 17:53:39 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.
11th September 2017 17:52:30 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහ සාමාන්‍ය වැසියන් 200 කට අධික පිරිසක් අනෝන්‍ය සහයෝගය, සංහිඳියාව සහ මිත්‍රත්වයේ දෑත් එක් කරමින් තුනුක්කායි සහ වවුනිකුලම් ප්‍රදේශ හරහා දිවෙන කිලෝමීටර් 20 ක ඇලමාර්ගයක් වගා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (07) දින නැවත පිලිසකර කරන්නට යෙදුණි.
09th September 2017 08:33:16 පැය
එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ 2017 අගෝස්තු මස 14 සිට 28 දින දක්වා පැවැති 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් රන් පදක්කම් 3 ක් දිනා ගනීමින් තම දස්කම් ප්‍රදර්ශනය කර ඇත.
07th September 2017 17:38:27 පැය
පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.
07th September 2017 16:34:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ පැවති 'බේස් ජම්පර්' (BASE jumpers) පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කරමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම බේස් පැනුම්කරුවන් ලෙස වාර්තා තැබූහ.
07th September 2017 16:34:51 පැය
ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් රවී මිෂ්රා සිකුරාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
07th September 2017 13:15:42 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් බ්රයිසී හච්සන් මහතා (Mr. Bryce Hutchesson) බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
07th September 2017 13:13:56 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සිය ධුරයෙන් නික්මයාමට පෙර බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
07th September 2017 13:12:51 පැය
පසුගිය දෙදින තුල ‘දියකාව පුහුණු අභ්‍යාස VIII - 2017’ සඳහා අනියුක්ත කර සිටින පුහුණු භට පිරිස් ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් (Monkey Bridge) යුද්ධ හමුදා කඳවුර අවට ප්‍රදේශයන් හී ඒකාබද්ධ දිය සහ ගොඩ යුධ පුහුණු ප්‍රහාර අභ්‍යාසය ආරම්භ කොට ඇත.
04th September 2017 12:04:44 පැය
අටවන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය “ දියකාව VIII – 2017” ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් සහභාගි වන විදේශීය හමුදා සාමාජිකයින් 69 ක සහභාගිත්වයෙන් ඉරිදා......