Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2017 16:34:55 Hours

දිවයිනේ ප්‍රථම 'බේස් පැනුම්කරුවන්' (BASE Jumpers) යුරෝපයේ පුහුණුවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ඔස්ට්‍රියාවේ පැවති 'බේස් ජම්පර්' (BASE jumpers) පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කරමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම බේස් පැනුම්කරුවන් ලෙස වාර්තා තැබූහ.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් නලින් කුලතුංග, කෝප්‍රල් ඒ.එල්.ඒ ප්‍රේමලාල් සහ වි‍ශේෂ බලකායේ බළලත් නිලධාරි II එච්.කේ.එස්. කුමාරසිරි යන යුද්ධ හමුදා සාමාජිකයින් ඔස්ට්‍රියාවේ බේස් ජම්ප් (BASE Jump) පුහුණු ආයතනයේ පවත්වන ලද අභියෝගාත්මක පාඨමාලාව සාර්ථකව නිමකරමින් මෙසේ දිවයිනේ ප්‍රථම බේස් ජම්ප් පැනුම්කරුවන් (BASE Jumpers) බවට අභිෂේක ලැබීය.

‘බේස් ජම්පින්’ (BASE jumping) යනු පොලව මට්ටමේ සිට අඩි 500 කට ඉහල ස්ථානයක (එනම් ඇන්ටනා, කුළුණු සහ උස් ගොඩනැගිලි) සිට නිර්භීත ලෙස සිදුකරන අති දුෂ්කර සහ වික්‍රමාන්විත පැරෂුට් පිම්මකි. මෙසේ සිදුකරනු ලබන බේස් ජම්ප් (BASE jumping) යන වැකිය තුල Building – ගොඩනැගිල්ල, Antenna - ඇන්ටනා කුළුණ, Span - කාල පරාසය, Earth - පොළව යන අරුත් ගැබ්ව පවති.

මෙම බේස් පැනුම්කරුවන් පිම්ම සිදුකරන උස් ස්ථානය වෙත ඔවුන් විසින්ම දුෂ්කර ගමනක යෙදිය යුතු වන බැවින් ඔවුන් ඉතා ඉහල ශාරීරික ජවයක් සහ පරිපූර්ණ සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි අයවළුන් විය යුතුය. අදාල උස් ස්ථානයට ලඟාවීමෙන් අනතුරුව පොලවේ නිශ්චිත ස්ථානයක් ඉලක්ක කරගනිමින් තම පිම්ම සිදුකරන අතර, ඔවුන් විසින්ම ක්ෂණිකව තම විශේෂිත පැරෂුටය විවෘත කරගනිමින් නිශ්චිත ඉලක්කය කරා ලඟාවීම සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විදේශීය පාඨමාලාවට සහභාගිවූ මෙම පැරෂුට් පැනුම්කරුවන් නිදහස් ආර පැරෂුට් පැනුම් 500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර වෘත්තීමය නිපුණත්වයක් ලබා ඇති අයවළුන් වේ.

Best Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp