15th July 2018 09:00:17 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ හල්දුමුල්ල, වන්ගෙඩිගල ප්‍රදේශයේ කඳුකරය ආශ්රිත වේගයෙන් පැතිරගිය ගින්නක් මැඩපවත්වීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදි භට පිරිස් විසින් කඳුකරයේ සංචාරයක නිරතව අතරමන්ව සිටි කණ්ඩායමක් ද බේරාගැනීමට සමත් විය.
15th July 2018 06:30:17 පැය
ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ වගකිම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිගේ දැක්මට අනුව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය (Nation-Building Task Force) ලෙස අද උදෑසන (12) මත්තේගොඩ පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී විවෘත කරන ලදි.
12th July 2018 18:03:17 පැය
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයට සහභාගිවීමට යාල අභයභූමිය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය පහසුකම් සහ ආහාරපාන ආදිය ලබාදෙන පරණ තොටපල, කටුපිල අරා, ළිංතුන සහ පලාටුපාන යන ස්ථානයන්හි බදාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සංචාරයක නිරතවිය.
12th July 2018 17:30:17 පැය
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සැරයන් මේජර්වරුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. ඔවුන් අද (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී....
12th July 2018 17:03:17 පැය
චාල්ස් තෝමස් සහෝදර පදනමේ ‘දහම් පහන’ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස යාපනය ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් වෙනුවෙන් පාපැදි 100 ක් සහ....
11th July 2018 12:38:47 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හට තවත් වසරක සේවා දිගුවක් ලබා දී ඇති බැව් අද (11) දින යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්වේ.
11th July 2018 10:38:47 පැය
2016 ඔක්තෝබර් මස 21 වන දින අළුයම පොලිස් වෙඩි පහරකින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක විජයකුමාර් සුලක්ෂණ සිසුවාගේ පවුලේ ඥාතීන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය.....
10th July 2018 16:22:25 පැය
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් පස්දෙනා අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවිය. යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්....
09th July 2018 15:20:24 පැය
කොළඹ, විශාඛා විද්‍යාලයේ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැති ‘2017 - වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් හා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
09th July 2018 15:15:24 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘‘කැවලරි සුපර්ක්‍රොස්’ තරඟාවලිය - 2018’ දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව වාර්තා බිහිකරමින් ක්‍රීඩා ලෝලින් රැසක් මධ්‍යයේ ඉරිදා (08) දින පාන්ගොල්ල ධාවන පථයේ දී සාර්ථකව පැවැත්විණි.