11th July 2018 10:38:47 Hours
2016 ඔක්තෝබර් මස 21 වන දින අළුයම පොලිස් වෙඩි පහරකින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක විජයකුමාර් සුලක්‍ෂණ සිසුවාගේ පවුලේ ඥාතීන් සඳහා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාංකයේ 2 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස භාරදීමේ උත්සවයක් පසුගියදා පවත්වන ලදී.
සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් චුන්නකාමම් ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නව නිවස සඳහා මුල්ගල තැබීම, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමන් විසින් සිදුකරන ලදී.
මෙම නිවස ඉදිකිරිම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනයන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෙන් කරන ලද අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ 515 වන බලසේනාංකයේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ එම බලසේනාංක භට පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවස ඉදිකරන ලදී.
මියගිය විශ්ව විද්‍යාල සිසුවාගේ පවුලේ ඥාතීන් සඳහා ඉදිකරන ලද නව නිවස පසුගිය සෙනසුරාදා (7) දින යුද්ධ හමුදා නියෝජිත පිරිසක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නියෝජිත පිරිස වෙත භාරදීමෙන් අනතුරුව එම නිවස ඔවුන් විසින් නැවතත් මියගිය විශ්ව විද්‍යාල සිසුවාගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලදී. මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් සහ ප්‍රදේශවාසින් අතර සංහිදියාව සහ අනනෝන්‍ය අවබෝධය ඇතිකරලීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදී. affiliate tracking url | Nike Shoes, Sneakers & Accessories