Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2018 15:15:24 Hours

‘කැවල්රි සුපර්ක්‍රොස්’ තරඟාවලියේ හොඳම ධාවකයාට හිමි කුසලානය යුද්ධ හමුදා සංඥා බලකායේ ධාවකයෙකුට හිමිවිය

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘‘කැවලරි සුපර්ක්‍රොස්’ තරඟාවලිය - 2018’ දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව වාර්තා බිහිකරමින් ක්‍රීඩා ලෝලින් රැසක් මධ්‍යයේ ඉරිදා (08) දින පාන්ගොල්ල ධාවන පථයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) සමඟ සම්බන්ධතාවයෙන් මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර දිවයිනේ දක්ෂතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගි වෙයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්, ට්‍රක් සහ ජිප් ඉසව් මෙන්ම යතුරු පැදි ධාවන (250 cc & 105 cc) ඉසව්වන්හි සිවිල් අංශයන්හි ධාවකයින්ට අභියෝගයක් එල්ල කරමින් සුවිශේෂි දක්ෂතා දක්වමින් මෙම සුපර්ක්‍රොස් තරඟාවලිය වර්ණවත් කළහ.

‘කැවලරි සුපර්ක්‍රොස් - 2018 හී සියලු තරඟකරුවන්ට අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සාමාන්‍ය සෙබළ බුද්ධික සිල්වා විසින් හොඳම ධාවකයාට හිමි සම්මානය හිමිකරගනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හොඳම ධාවකයාට හිමි කුසලානය සහ තවත් ජයග්‍රාහකයින් කිහිපදෙනෙකුට කුසලාන පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට එක්ව සිටියහ.

මෙවර ‘සුපර්ක්‍රොස් තරඟාවලිය’ නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් පැමිණ සිටියහ.

jordan Sneakers | adidas Yeezy Boost 350