2019-06-28 20:18:41
65 වන සේනාංකයට අයත් 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.ජේ.එල්.බී. උඩෝවිට ගේ පූර්ණ අධික්ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මධ්‍යම කොළඹ ගෘහණියන්ගේ සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් කලෙයිමාගලන්, තේරකන්ඩාල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පෙර පාසල් සිසුන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.
2019-06-27 17:13:45
ජනාධිපති කාර්ය සාධක බලකායේ ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ජාතික වැඩසටහනට සමගාමීව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (27) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ දී පැවැති අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 30 ක්....
2019-06-27 13:43:50
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 7 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයක දී සිය රාජකාරි කටයුතු අරඹන ලදී. මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සිය කාර්යාලයේ දී, සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත් අතර....
2019-06-27 13:40:50
පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා කෙටිකලකින් අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් නේවාසිකාගාරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.
2019-06-27 13:39:47
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අධුනික පුහුණු පාඨමාලා අංක 43 යටතේ පුහුණු ලැබු ආධුනික සෙබළුන් 125 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ඉකුත් දා පේරාදෙණිය, ගන්නෝරුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවති අතර එය සරඹ, ටයිකොන්ඩු, ශාරීරික අභ්‍යාස සංදර්ශන මෙන්ම තූර්ය වාදක සංදර්ශන තුලින් වඩාත් වර්ණවත් විය.
2019-06-27 12:00:42
ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ‘මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ’ දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් ඉකුත් බදාදා (26) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-06-27 11:00:54
විවිධ සංස්කෘතික බැඳීම්, ප්රතිසන්ධාන ප්රයත්නයන් සහ සියලු ජනවාර්ගික කණ්ඩායම් අතර සාමය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘කරිටාස් වන්නි කණ්ඩායම’ (Karitas Wanni Group) නම් ආගමික සංවිධානයේ ඉල්ලීමකට අනුව නච්චිකුඩා ප්‍රදේශයේ දී සංවිධානය කරන ලද බහු ආගමික වැඩසටහනක් පැවැත්වීම සඳහා වන්නි භටපිරිස්හි සහයෝගය ලබාදෙනු ලැබීය.
2019-06-27 10:00:54
651 බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සමඟ එක්ව එම බලප්‍රදේශයේ සේවය කරන සියලුම ග්‍රාම නිලධාරීන්ගේ (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) සුහදත්වය හා අවබෝධය මෙන්ම විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ඉරිදා (23) දින උදෑසන 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරී නිවස්නයේ පැවැති සුහද වැඩමුළුක් සඳහා ආරාධනා කරන ලදී.
2019-06-27 09:00:54
විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම්වල සාමාජිකයින් අතර ‘ලුහුබැඳීමේ’ කුසලතා සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් බලඇණිවල අට දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් හතක් සඳහා ‘සටන් ලුහුබැඳීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා දියත් කරනු ලැබීය.
2019-06-27 08:00:54
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (25) දින මුලන්කාවිල් ප්‍රදේශයේ ‘දොන් බොස්කෝ’ පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.