Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2019 20:18:41 Hours

තේරකන්ඩාල් පෙර පාසල් සිසුන්ට පොත් පරිත්‍යාග කරයි

65 වන සේනාංකයට අයත් 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.ජේ.එල්.බී. උඩෝවිට ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මධ්‍යම කොළඹ ගෘහණියන්ගේ සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් කලෙයිමාගලන්, තේරකන්ඩාල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පෙර පාසල් සිසුන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත දියත් කරන ලදී.

මෙම අවස්ථාවේදී පෙර පාසල් සිසුන්ට පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් 50 ක් බෙදාදුන් අතර ගුරුවරුන් 04 දෙනෙකුට ද ත්‍යාග පාර්සල් 04 ක් මෙහිදි පරිත්‍යාග කළහ. තවද මෙම අවස්ථාව සඳහා එම දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ. Nike shoes | Nike Shoes