2020-08-09 12:40:20
තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රවාහන අංශයේ රථවාහන අංගනය, ‘ආපන ශාලාව’ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේ වාහන නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් ඉහළට ඔසවා තැබෙන ස්ථානය (වාහන බෑවුම) ඉකුත් අඟහරුවාදා (04) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
2020-08-08 17:54:03
ගත වූ පැය 24 ක කාලසීමාව තුළ එක් කිසිදු කොවිඩ් - 19 ආසාදිත රෝගියෙකු මෙරට තුලින් වාර්තා වී නොමැති අතර අද (8) දින පෙරවරු 06.00 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින මුළු ආසාදිත රැඳවියන්ගේ සංඛ්‍යාව 604 ක් වේ...
2020-08-06 22:24:08
නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක...
2020-08-06 22:23:39
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ලබාදුන් උපදෙස් මත පලාලි ප්‍රදේශය ආශ්‍රීතව තවත් රුක් රෝපණ ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (06) දින දියත් කිරීමට පරිසරය සුරැකීම වෙනුවෙන් කැපවූ යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කළහ.
2020-08-06 22:00:08
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 19 වන ආඥාපති ලෙස නික්ම යන මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් බදාදා (06) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නික්ම යනු ලැබීය.
2020-08-06 21:59:43
වර්ෂ 2006 ජූනි මස 01 දින වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරීයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 3 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ජේ.කේ. පෙරේරා වෙත ජාතියේ උපහාරය පුද කරමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි එම විරෝදාර රණවිරුවාගේ අඩක් ඉදිකළ නිවසේ ඉතිරී වැඩකටයුතු 3 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ භටපිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් දින නවයක් වැනි කෙටි කාලයක් ඇතුලත නිම කර ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙත භාරදෙනු ලැබීය.
2020-08-06 21:58:02
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු සියළුම සෙසු නිලයින් වෙනුවෙන් විවේකයක් සහ විනෝදාස්වාදය ලබාදීමේ අරමුණින් ඉදිකරනු ලබන ‘පලාලි පියස’ නම් නිවාඩු නිකේතනයට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින මුල්ගල් තබන ලදී.
2020-08-06 21:11:08
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මාණ්ඩලික රාජකාරි සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඉකුත් සිකුරාදා (07) දින දියතලාවේ පිහිටි යුද්ධ හමුදා ආඥා පුහුණු අණසක පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයක දී නව ආඥාපති යුද්ධ හමුදා පුහුණු ලෙස සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-08-06 20:14:08
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින පම්පේමඩු, පෙරියකාඩු, බෝගොඩ ක්ෂේත්‍ර රෝහල්...
2020-08-06 19:24:08
68 වන සේනාංක බලප්‍රදේශයේ මලිගතිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පදිංචි අඩු ආදායම්ලාභි කාන්තාවක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසට මුල්ගල් තැබීමේ උත්සවය අගෝස්තු මස 1 වන දින පැවැති...