Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2020 20:14:08 Hours

රතුකුරුස සංවිධානය වෙතින් පරිත්‍යාග කළ පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල සහ මුහුණු ආවරණ තොගයක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය මගින් බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින පම්පේමඩු, පෙරියකාඩු, බෝගොඩ ක්‍ෂේත්‍ර රෝහල් නිරෝධායන මධ්‍යස්ථානය සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති අනෙකුත් වෛද්‍ය මධ්‍යස්ථාන භාර බලසේනාධිපතිවරුන් අතර පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 1000 ක් සහ මුහුණු ආවරණ 1000 ක් බෙදා දුන්නේය.

යුද්ධ හමුදාව මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හී සිදුකරනු ලබන අනුපමේය සේවය අගය කරමින් රතුකුරුස සංවිධානය වෙතින් මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල සහ මුහුණු ආවරණ සඳහා සිය අනුග්‍රහය දක්වමින් කොවිඩ් - 19 වෛරසය පැතිරීමට එරෙහි සටනේ යෙදී සිටින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ මෙම උපකරණ කට්ටල 562, 563 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ බෝගොඩ බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක වෙත භාරදෙනු ලැබීය. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජගත් නිශාන්ත ද මෙම අවස්ථාවට සහභාගී විය. Running Sneakers Store | Nike Dunk - Collection - Sb-roscoff