Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2020 22:00:08 Hours

නික්ම ගිය නැගෙනහිර ආඥාපතිතුමන් යාපනය ආඥාපති ලෙස රාජකාරි ඇරඹීමට සූදානමින්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 19 වන ආඥාපති ලෙස නික්ම යන මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් බදාදා (06) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නික්ම යනු ලැබීය.

මෙහිදී, 4 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් නික්ම යන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මෙදින උත්සව කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව, නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළ අතර එහිදී, මෙතෙක් දුරට නැගෙනහිර ප්‍රදේශයේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් සිදුකළ කැපකිරීමෙන් ලද ප්‍රතිඵල වෙනුවෙන් සිය කෘතඥතාවය ඔවුන් වෙත පුදකළ අතර එවැනි සත්කාරයන් ඉදිරියේදිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම, සියළුම නිලයින්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීම සහ සියළු නිලයින්ගේ කාර්යක්‍ෂමතාවය පවත්වාගැනීම තුලින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරගත හැකි බවද එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

නික්ම යන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉරිදා (9) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතය. Adidas shoes | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys