2024-08-14 15:52:28
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 2024 අගෝස්තු මස 09 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-08-14 15:50:30
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය 2024 අගෝස්තු මස 14 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සම්මාන පෙළපාලියකින් ආරම්භ විය.
2024-08-14 12:49:23
විශේෂ බළකා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ නාගරික සටන් පාඨමාලා - අංක 03 සහතිකපත් ප්රදානෝත්සවය මන්කි බ්‍රිජ් (Monkey Bridge) පිහිටි 4 විශේෂ බළකා රෙජිමේන්තු පරිශ්‍රයේදී නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 12 දින පැවැත්විණි. .
2024-08-14 12:48:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්එම්සී එල්එස්සී ඒඒටීඕ 2024 අගෝස්තු මස 07 දින ඉංජිනේරු සේවා බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-08-14 12:48:30
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පදවි ජයන්ති විද්‍යාලයේ සහ තඹකෝට්ටේ විද්‍යාලයේ ශිෂ්‍යත්ව සිසුන් සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 500 ක් 2024 අගෝස්තු මස 09 දින බෙදා දෙන ලදී.
2024-08-14 12:48:05
6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 37 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊ.ජේ.බී.යූ.පී. එගොඩගෙදර යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 10 දින එම ඒකකයේ දී සමරණ ලදී.
2024-08-14 12:47:54
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔයදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් මත්තල ගුවන්තොටුපලින් 2024 අගෝස්තු මස 12 දින දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා භඨපිරිස් අධ්යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්යක්ෂ මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.
2024-08-14 12:17:35
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භට පිරිස් විසින් කල්මුණේ/ අක්කරපත්තු මින්හාජ් මහා විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 08 දින ක්‍රියාත්මක කළේය.
2024-08-13 14:11:36
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු මස 08 දින 532 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත වූයේය.
2024-08-13 14:09:49
වැල්ලවාය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඊ.එම්.හේමන්ත කුමාර මහතාගේ අනුග්රහක දායකත්වය මත 5 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකළ අතර, එම නිවස කෙටි උත්සවයකින් ප්‍රතිලාභියා වෙත 2024 අගෝස්තු මස 04 දින පවරා දෙන ලදී.