2018-10-25 13:50:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 29 ක් සපිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් අඟහරුවාදා (23) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
2018-10-23 16:12:58
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති (බංගලාදේශ හමුදාවේ) බ්‍රිගේඩියර් ජෙනරාල් ඒ.ටි.එම්. ඇනිසුසාමන් (Brigadier General A. T. M Anisuzzaman) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.
2018-10-23 15:45:58
පේසාලෙයි ෆාතිමා මහා විද්‍යාලීය බලධාරින් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව 543 වන බලසේනාවේ භට පිරිස් විසින්,එම පාසල් භුමිය තුළ වටිනා පැළ වර්ග විශාල ප්‍රමාණයක් සිකුරාදා (18) දින රෝපණය කරන ලදි.පේසාලෙයි ෆාතිමා මහා විද්‍යාලීය බලධාරින් ....
2018-10-23 15:14:29
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහය ඇතිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ආගමික බැතිමතුන් සමඟ එක්ව යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ආශීර්වාද පතමින් පිරිත් සජ්ඣායනාවක්....
2018-10-23 13:19:52
කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයෙන් නියුතු නිලධාරින්ගේ නවාතැන් පහසුකම් සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සෙනසුරාදා (20) දින ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මුල්ගල තබන ලදි.
2018-10-23 13:00:52
‘මිනිපූර ගැමුණු නද’ අරමුදල් රැස් කිරීමේ වෙළඳප්රදර්ශනය සහ විනෝද සැණකෙලිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දිනයන් හි දී කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු ක්‍රිඩාංගණයේ පැවැති අතර, එ් වෙනුවෙන් වූ ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග පිරිනැමිම සෙනසුරාදා (20) දින ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
2018-10-23 12:45:52
මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි නවතමයෙන් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණයමුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින්සදුදා (22) දින විවෘත කරන ලදී.
2018-10-23 12:30:52
වවුනියාව, කෝකෙලිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකය සිය 21 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඔක්තෝබර් මස 15 දින සිට 17 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත්ව සමරනු ලැබීය.
2018-10-23 12:19:52
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයෙන් නියුතු යුදධ හමුදා සාමාජිකයින් එක්ව ...
2018-10-22 19:19:42
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරමින් සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙනුවෙන් සඳුදා (22) උදෑසන දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී සමුගැනීමේ නිල උත්සවයක් පවත්වන ලදි.