Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2018 15:45:58 Hours

යුද්ධ හමුදා භට පිරිස් සිසුන් සමග එක්ව රුක් රෝපණ වැඩසටහනක

පේසාලෙයි ෆාතිමා මහා විද්‍යාලීය බලධාරින් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව 543 වන බලසේනාවේ භට පිරිස් විසින්,එම පාසල් භුමිය තුළ වටිනා පැළ වර්ග විශාල ප්‍රමාණයක් සිකුරාදා (18) දින රෝපණය කරන ලදි.

දැනට සිදුකරමින් පවතින ජාතික රුක් රෝපණ වැඩ සටහනට සමගාමීව විදුහල්පති මෙරිල් කෲස් මහතා,විද්‍යාලීය ගුරුවරුන් හා යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව පාසල් භුමිය තුළ රුක් රෝපණය වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබු අතර, ඒ සදහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.එම්.ටි.බි. හන්ගිලිපොල ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 543 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ආර්.ඒ.ඩි ජෝර්ජ් ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටන දියත් කරනු ලැබීය. Asics footwear | Jordan Shoes Sale UK