2019-01-21 08:20:14
මෑතකදී යුද්ධ හමුදා සේවයෙන් විශ්රාමගිය මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් අරුණ මුහන්දිරම් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සිකුරාදා (04) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පිරිනමන ලදී.
2019-01-20 21:04:10
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි ශම්මුගරත්නම් මහා විද්‍යාලය, කලවෙත්තිඩාල් නාගේශ්වර විද්‍යාලය සහ 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි කරුක්කතිවු මහා විද්‍යාලය, පරන්තන් හින්දු මහා විද්‍යාලය, කිරන්චි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලය, වලෙයිපාඩු රෝමනූ කතෝලික විද්‍යාලය, වේරාවිල් හින්දු විද්‍යාලය ආදී පාසැල්වල අධ්‍යාපනය හදාරණ සිසුන් 533 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් තොගයක් කොළඹ ‘නෙත්’ ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ අනුග්‍රහකත්වය ඇතිව බ්‍රහස්පතින්දා (17) දින ප්රදානය කළහ.
2019-01-20 21:03:25
වන්නි ආරක්ෂක සේනා ආඥාපති ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැංවීමේ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වු ‘හේමාස් අවුට්රිච් පදනමේ’ තවත් ව්‍යාපෘතියක් ලෙස මෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ ඉල්ලිමකට අනුව, කඳුකරයේ ඉගෙනුම ලබන සිසුන්ට නව පෙරපාසලක් ඉදිකිරිම සඳහා සෙනසුරාදා (19) දින බණ්ඩාරවෙල දී මුල් ගල් තබන ලදි.
2019-01-20 21:03:02
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින යුරෝපීය පාර්ලිමේන්තුවේ ‘Friends of Sri Lanka Group’ හී ගරු ජෙෆ්රි වෑන් ඕඩන් මහතා (Hon. Geoffrey Van Orden) සහ ගරු විලියම් අර්ල් මහතා (Hon. William Earl) සමගින් රාජ්‍ය සම්බන්ඳතා නිලධාරී එම්.එල්.එෆ් මෆාසා මහත්මිය පසුගියදා වන්නි ආරක්ෂක සේනා ආඥාපති හමුවූහ.
2019-01-20 21:02:02
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ මානසික ස්ථාවරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 හී සමාප්ති උත්සවය සෙනසුරාදා (05) දින අනුරාධපුර පිහිටි උතුරු මැද ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
2019-01-20 21:00:31
නව උසස්වීම් ලැබු විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන සිකුරාදා (19) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි හමුදා සම්ප්රුදායානුකූලව නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්තුමන්ව උණුසුම් අයුරින් පිළිගත්හ.
2019-01-20 20:55:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර සිකුරාදා (18) දින නව ධූරයේ රාජකාරි ආරම්භ කළහ.
2019-01-20 20:30:21
7 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පාබල හමුදා පාබල සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමූදා විශ්‍රාමික සාමාජිකයින් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කතරගම දී ‘පාබල නිවහන’ නමින් නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (17) දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් විවෘත කරන ලදී.
2019-01-19 15:28:03
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය සිදු කරමින් සිකුරාදා (18) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි නව මාණ්ඩලික ප්රධානීතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2019-01-19 12:24:20
නුවර, බූවැලිකඩ ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ පැවැති නිලධාරීන් සඳහා වන Mid-Career පාඨමාලා අංක - 04 හී සමාප්ති උත්සවය යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) දින පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරීන් සහ උපදේශක නිලධාරීන්ගේ...