Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2019 20:55:09 Hours

බ්‍රිගේඩියර් විජේසුන්දර 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර සිකුරාදා (18) දින නව ධූරයේ රාජකාරි ආරම්භ කළහ.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, නව සේනාංකාධිපති සිය කාර්යාලයේ දී ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රයහක් සඳහා ද එක්විය.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මීට ප්‍රථම 66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක 12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර රාජකාරි භාරගත්හ. trace affiliate link | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK