20th January 2019 20:30:21 Hours
7 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පාබල හමුදා පාබල සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමූදා විශ්‍රාමික සාමාජිකයින් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කතරගම දී ‘පාබල නිවහන’ නමින් නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (17) දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් විවෘත කරන ලදී.
කතරගම ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පැමිණෙන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමිකයින්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් කිරිවෙහෙර පූජා භූමියට ආසන්නව ගෝතමීගම ප්‍රදේශයේ මෙම නිවාඩු නිකේතනය නවතමයෙන් ඉදිකරන ලදී. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2016 වසරේ දී විශ්‍රාමික මේජර් ජෙනරාල් පී.ජි.ආර්.ඩි. සිල්වා ගේ මූලිකත්වයෙන් ආරම්භ කල අතර ඉදිකිරීම් කටයුතු අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර රුපියල් මිලියන 13 ක වියදමින් ඉදිකර අවසන් කර ඇති අතර ඉදිකිරීම් කටයුතු අවසන් වූ නිවාඩු නිකේතනය මෙලෙස බ්‍රහස්පතින්දා (17) දින විවෘත කළහ.
යුද්ධ හමුදා මූලස්ථානයේ අනුමැතිය මත ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් දියත් කරනු ලැබු වැඩසටහන්හි අරමුදල් යොදාගනිමින් මෙම නිවාඩු නිකේතනය ඉදිකරන ලදී.
මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.එම්.ඒ. ජයවර්ධන, විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්. මල්ලවආරච්චි, විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.කේ.ජි.එන්.බී. ඇහැලමල්පේ, බ්‍රිගේඩියර් ජි.කේ. වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. latest jordans | FASHION NEWS