2019-06-21 08:03:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන අවස්ථාවේදී එතුමන්ට සමුදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (14) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා මුලස්ථානයේදී පැවැත්විණි.
2019-06-19 19:04:44
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අද (17) දින උදෑසන මහරගම ‘අපේක්ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.
2019-06-19 15:31:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුරයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබු ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බැට්මින්ටන් පිටිය ඉකුත් සඳුදා (17) දින විවෘත කරන ලදී.
2019-06-19 15:15:36
යුද්ධ හමුදා මූලස්ථානයේ නව මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග ඉකුත් සිකුරාදා (14) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු අරඹනු ලැබීය. මීට ප්‍රථම, මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව...
2019-06-19 15:14:03
පරන්තන් සහ ඒ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන් තම වෙහෙසකාරි දෛනික දිවිට මොහොතකට අමතකකරමින් යුද්ධ හමුදාව විසින් පරන්තන් නගරයේ සංවිධානය කරන ලද සංගීත සැදෑව සඳහා සහභාගි වුහ.
2019-06-19 14:35:36
කොඩ්ඩිකඩ්ඩියාරකුලම්, අක්කරායන්කුලම්, අනවිලන්දන්කුලම් සහ අම්බලපෙරුමල්කුලම් යන ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම සමඟ ඉකුත් ඉරිදා (16) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ.
2019-06-19 14:25:50
හම්බන්තොට පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් ඉරිදා (16) දිනට යෙදුණු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් අන්දරගස්යාය ප්‍රාථමික විද්‍යාලය වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2019-06-19 13:10:21
ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ තෙදින සංචාරය නිමාකර අඟහරුවාදා (18) දින දිවයිනෙන් පිටත් වූ අතර ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නියෝජිත පිරිස පෙරළා දිවයිනට පැමිණියහ.
2019-06-17 22:58:38
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටගොඩ සිරස රූපවාහිනි නාලිකාවේ ‘පැතිකඩ’ වැඩසටහන අතරතුරදී ඇමරිකානු එක්සත් ජනපද හමුදා ශ්‍රී ලංකාවේ රැඳි සිටීම සම්බන්ධයෙන් පළ කල අදහස් අද (17) දින කොළඹ ටෙලිග්රාෆ්....
2019-06-17 22:58:33
නාච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ක්‍රියාකාරී සුහද සැසියක් 11 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (14) දින සංවිධානය කර තිබිණි. ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් ද සහභාගි වූහ.