Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2019 14:35:36 Hours

ධීවර ප්‍රජාවගේ ගැටළු පිළිබඳව අවධානය යොමුවේ

කොඩ්ඩිකඩ්ඩියාරකුලම්, අක්කරායන්කුලම්, අනවිලන්දන්කුලම් සහ අම්බලපෙරුමල්කුලම් යන ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම සමඟ ඉකුත් ඉරිදා (16) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව අතරතුරදී, තම ධීවර කටයුතු සිදුකරනු ලබන වාරි වැව් බාහිර ව්‍යාපාරිකයින්ට බදු පදනම මත ලබාදීම සහ නවීන ධීවර උපකරණ නොමැති කම මෙන්ම වාරකන් කාලසීමාවේ මුහුදු යෑමට අවසර ලබාගැනීම සම්බන්ධ ගැටළු හේතුවෙන් ඔවුන්ට මතුවී ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානයක් යොමුවිය. Sports Shoes | Sneakers