2019-06-26 10:00:18
මින්නේරිය, ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක 74 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නව ආධුනික සෙබළුන් සියදෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක මේජර් බි.ජි.එස්.එම්. බෝගහවැව...
2019-06-26 08:43:46
තව්හිද් ජමාත් සංවිධානය විසින් අප්‍රේල් මස 21 වන දින එල්ල කළ පාස්කූ ප්‍රහාරයට මාස දෙකක් සම්පුර්ණවීම සනිටුහන් කරමින්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයේ භටපිරිස් ත්‍රිකුණාමලයේ පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2019-06-25 18:54:38
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව ඉකුත් සෙනසුරාදා (22) දින වාද්දුව ‘ලයා බිච්’ හෝටලයේ දී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ප්‍රදීප් ගමගේ සහභාගි විය. තවද මෙම සුහද හමුව සඳහා මුලස්ථාන බලඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම සිවිල් කාර්යමණ්ඩලය ද සහභාගි වූහ.
2019-06-25 17:00:18
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස් විසින් සිදුකරනු ලබන සමාජ සේවා ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස පදවි පරක්‍රමපුර, බුද්ධංගල වෙහෙරවැව ගම්මානයේ පදිංචි අසරණ පවුලකට නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් ඉරිදා (23) දින පැවැත්විණි.
2019-06-24 10:17:37
දශක තුනකට අධික කාලයක් ජාතියට සහ ගජබා රෙජිමේන්තුවට ආදර්ශවත් සේවාවක් ලබාදෙමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (21) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති...
2019-06-24 09:30:43
වවුනියාව දිස්ත්‍රික්කයේ මා/පරණගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් අත්විඳින ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකල වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් එම සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා බහු මාධ්‍ය ඒකකයක් (multi-media unit) ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ තොගයක් පසුගියදා ප්රදානය කරනු ලැබීය.
2019-06-24 09:29:21
අද (25) දින දහවල් 1.45 ට පමණ කිලිනොච්චි ප්‍රදේශයේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අධිවේගී දුම්රියක ගැටී යුද්ධ හමුදා සාමාජිකයින් හය දෙනෙකු මියගොස් ඇත. 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ...
2019-06-24 09:19:49
අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් පහකින් සමන්වත ගොඩනැගිල්ලක පළමු අදියර යටතේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල රණවිරු ඇපරල් ඇඟළුම් කාර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (4) දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2019-06-24 09:18:40
වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකයේ 19 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිට සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2019-06-24 08:33:42
බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ සේවය කරනු ලබන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ කලාකාරිණියක වන කෝප්රල් බී.ඒ.එන්.යු බමුණුසිංහ ගේ තෙලිතුඩින් ඔපවත් කරන ලද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සිතුවමක්, යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී භාරදීමේ අවස්ථාවක් පසුගියදා යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවැත්විණි.