Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2019 17:00:18 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් අඩු ආදායම් ලාභි පවුලකට තවත් නිවසක් ඉදිකිරීමේ කටයුතු අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස් විසින් සිදුකරනු ලබන සමාජ සේවා ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස පදවි පරක්‍රමපුර, බුද්ධංගල වෙහෙරවැව ගම්මානයේ පදිංචි අසරණ පවුලකට නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් ඉරිදා (23) දින පැවැත්විණි.

එච්. එම්. ප්‍රියන්ත ප්‍රේමසිරි මහතා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිය දරුවන් සමඟ ජිවත් වන බව මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ විශේෂ අවධානයට ලක් විය. මෙම නව නිවස හිමි ප්‍රතිලාභීයා 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ගේ මඟපෙන්වීම මත 623 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් තෝරා ගන්නා ලදී.

ඒ අනුව, දානපතියෙකු වන ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රියංගනී පෙරේරා මහත්මිය විසින් විදුලිය, ජලය ඇතුළු සියලු පහසුකම් සහිත මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන බවට පොරොන්දු විය. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් මේ වනවිට මැදවච්චිය, සැලලිහිනිගම, ගනේෂපුරම්, පම්පෙමඩු, ගලෙන්බින්දුනු වැව සහ වැලිඔය යන ප්‍රදේශවල වෙසෙන පවුල් සඳහා නව නිවාස 06 ක් ඉදිකර දී ඇත.

මෙම මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 62 වන සේනාංකයේ මෙන්ම 622 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරීන් ඇතුළු 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිවසලාභී එච්.එම්. ප්‍රියන්ත ප්‍රේමසිරි මහතා, ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් රැසක් ද සහභාගී වූහ. buy shoes | Nike sneakers