2019-09-03 15:03:45
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සෙනසුරාදා (31) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සිය මංගල සංචාරය අතරතුරදී භටපිරිස් අමතා දේශනයක් සිදුකරමින්...
2019-09-03 13:18:29
ගජබා රෙජිමේන්තු ඉතිහාසයේ පළමු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (31) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු...
2019-09-03 11:45:56
අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් වන්නි භටපිරිස් විසින් අඛණ්ඩව දියත් කරනු ලැබු සුභසාධන වැඩසටහන්වලට සමගාමීව, වැලිඔය, කල්‍යාණිපුර පදිංචි තවත් අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් 21 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව නිවස ඉකුත් සිකුරාදා (30) දින නිවාසලාභීන් වෙත නිලවශයෙන් භාරදෙන ලදී.
2019-09-03 11:40:56
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ ඉල්ලීමකට අනුව ප්‍රජා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය කමල් එස්. ජයසේකර මහතා සමඟින් ධනංජය නනායක්කාර මහතා සහ සුරංගි කොඩිතුවක්කු මහත්මින් විසින් මෙහෙවනු ලැබු ‘මානසික ආතතිය හා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 හා 62 වන සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස -උතුරු මැද යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (30) දින පවත්වන ලදී.
2019-09-03 11:25:56
විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කරන ලදී. තවද, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවයි.
2019-09-03 07:10:24
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ සැසිවාරය සඳහා සහභාගී වූ පකිස්තාන යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ෂාහිඩ් නසීර් (Major General Shahid Nazir) ඉකුත් සිකුරාදා (30) දින සම්මන්ත්‍රණය අතරතුර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ප්‍රභූ සාකච්ඡා ශාලාවේදී..
2019-09-03 07:05:24
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 513 වන බලසේනාවේ 24 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් මොහොමඩ් ෆාරිස් ගේ උපදෙස් මත ආගමික වතාවත් ඇතුළු වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-09-02 18:59:04
652 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් අනිල් පෙරේරා ඉකුත් අගෝස්තු 28 වන දින අනවිලන්දන්කුලම්, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 652 වන බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදි.
2019-09-02 18:59:03
යාපනයේ පිහිටි 553 වන බලසේනාවේ 18 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ කර්නල් සුජිව ජයසිංහ ආගමික වතාවත් මධ්යරයේ ඉකුත් සිකුරාදා (30) දින පැවැති උත්සවයකදී රාජකාරී අරම්භ කරන ලදී.
2019-09-02 18:58:03
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට මූල්‍ය ප්‍රතිපාදන රැස්කිරීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන ලද ‘රණවිරු උදානය - 2019’ අඛණ්ඩව දසවන වරටත් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් දඹුල්ල ගම් උදාව ක්‍රීඩාංගනයේදී ඉකුත් සිකුරාදා (30) දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.