Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2019 18:59:03 Hours

553 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

යාපනයේ පිහිටි 553 වන බලසේනාවේ 18 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ කර්නල් සුජිව ජයසිංහ ආගමික වතාවත් මධ්යරයේ ඉකුත් සිකුරාදා (30) දින පැවැති උත්සවයකදී රාජකාරී අරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන්ව, ප්රිධාන දොරටුව අභියසදී හමුදා සම්ප්රථදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්ය්යේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

එමෙන්ම, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශයේ පැළයක් රෝපණය කළ එතුමන් සියලුනිල තේපැන් සංග්රථහයකට ද එක්විය. මෙම අවස්ථාව සඳහා 1 වන යාන්ත්රිැක පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Best Authentic Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News