2020-01-12 10:40:12
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සමතුලිතතාවය මෙන්ම ආකල්ප සහ ප්රවේශයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මනෝචිකිත්සක සහ උපදේශක අමා දිසනායක මහත්මිය විසින් හරවත් දේශනයක් පවත්වන ලදී.
2020-01-12 08:09:53
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය තුළ පිහිටි ‘ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය’ පසුගියදා විවෘත කරනු ලැබීය. එහි සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ සුරතින් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි...
2020-01-12 08:07:28
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සිය මතකයන් කිහිපයක් එක් කරමින් පූනරීන්, අරසපුරකුලම් ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2020-01-12 08:06:40
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ 6 වන සංවත්සරය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-01-12 08:06:23
වවුනියාව කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති පී.කේ. ධම්මික ප්‍රියන්ත මහතා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (06) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.
2020-01-12 08:05:23
වවුනියාවේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ආඥාපති ගුවන් කොමදෝරු එල්.එච්. සුමනවීර සහ පූනරීන් පිහිටි නවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් ආර්.පී.සී.ආර්. ෆෝන්සේකා ඉකුත් සිකුරාදා (10) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.
2020-01-12 08:04:23
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජනවාරි මස 7 සහ 8 දිනයන්හි පූනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
2020-01-12 08:04:23
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රිසි දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ සංකල්පයකට අනුව පැවැති ඉංග්‍රිසි පාඨමාලාවේ සමාප්ති උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින පැවැත්විණි.
2020-01-12 08:02:31
වර්ෂ 1984 ජනවාරි මස 1 වන දින අනුරාධපුර, ගල්කුලම, කවරක්කුලම ප්‍රදේශයේදී ආරම්භ කරන ලද සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 36 වන සංවත්සරය ඉකුත් බදාදා (01) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-01-12 08:00:09
14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරාල් ඒ.එස්. අරියසිංහ ජනවාරි මස 7 සහ 8 දිනයන්හි එම බලප්‍රදේශයේ ස්ථාපිත 142, 143 වන බලසේනාව, 6 වන ගැමුණු හේවා බලඇණිය, 16 වන ගජබා රෙජිමේන්තුව, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සංචාරය කළහ.