Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 08:05:23 Hours

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වන්නි ප්‍රදේශයේ ආඥාපති වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

වවුනියාවේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ආඥාපති ගුවන් කොමදෝරු එල්.එච්. සුමනවීර සහ පූනරීන් පිහිටි නවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් ආර්.පී.සී.ආර්. ෆෝන්සේකා ඉකුත් සිකුරාදා (10) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂාව සහ සාමය පවත්වා ගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, වවුනියාවේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ආඥාපති සහ පූනරීන් පිහිටි නවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වෙත සිහිවටන ප්‍රදානය කළහ. Buy Kicks | New Balance 991 Footwear