2023-03-25 21:23:08
ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරී ලෙස ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සිකුරාදා (24) දින මහනුවර, බූවැලිකඩ පිහිටි සංඥා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2023-03-25 21:18:35
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය අඟහරුවාදා (21) දින බදුල්ලේ පිහිටි 112 වන පාබල බලසේනා මූලස්ථානයේ සහ බුද්දන්කෝට්ටේ පිහිටි 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.
2023-03-22 21:40:56
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 2023 මාර්තු මස 19 සිට 20 දින දක්වා කාලය තුළ 24 වන පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත වූවේය. මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 241 සහ 242 වන පාබල බලසේනාවන්, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 8, 11 සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි සංචාරය කිරීමෙන් අනතුරුව මුහුදු මහා විහාරය සහ දීඝවාපි විහාරස්ථානය වෙත ගොස් එම පුදබිම් තුළ සිදුකරනු ලබන ස්ථූප ඉදිකිරීමේ ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කළේය.
2023-03-22 21:35:58
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක පසුගිය සඳුදා (මාර්තු මස 20) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන්ට අනුව නව ධූරයේ රාජකාරි භාරගත්තේය. එම පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් කුමාර රණතුංග එතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
2023-03-22 09:21:53
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්වල සුවදුක් සොයාබැලීමේ අරමුණින් පසුගිය සඳුදා (මාර්තු මස 13) දින 681 වන පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.
2023-03-20 18:45:50
1 වන බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සඳුදා (මාර්තු මස 13) දින මුන්ඩිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය. බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කමල් අමරසිංහ, සංචාරයේ නිරත 1 වන බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය.
2023-03-20 18:17:05
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 25 වන සැමරුම් දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 18) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය. සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත 4 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
2023-03-20 18:13:57
221 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සර දින සැමරුම නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව රත්නායක ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සව මාලාවක් පසුගිය 12 දින සිට 17 දින දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පැවැත්වීය. සැමරුම් උත්සව මාලාවේ පළමු අදියර ලෙස පසුගිය සඳුදා (13) දින බ්‍රිගේඩියර් සුජීව රත්නායක ඇතුළු එම බලසේනාවේ සියලුම නිලයන් ත්‍රිකුණාමලය ගෝකණ්න රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් පවත්වා පසුදින මහා සංඝරත්නය වෙත හීල් දානය පූජාකළහ. අනතුරුව එදින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය කෝනේශ්වරම් කෝවිලේ සහ ගල්පල්ලිය දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකරනු ලැබූහ.
2023-03-18 21:25:22
කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දෙවැනි සේනාවිධායක ලෙස මාර්තු මස 16 දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා රාජකාරි භාරගත්තේය.
2023-03-18 21:22:22
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය සඳුදා (13) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ එම පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත් සජ්ඣායනා’ මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.