20th March 2023 18:45:50 Hours
1 වන බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සඳුදා (මාර්තු මස 13) දින මුන්ඩිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය. බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කමල් අමරසිංහ, සංචාරයේ නිරත 1 වන බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් 1 වන බලකායේ බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එම බලසේනාවේ කොනොනි සමාජ ශාලාවේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් සියලු නිලයන් සමඟින් සිය අදහස් හුවමාරු කරගත්තේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබුවේය.