2023-05-30 21:40:31
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (මැයි 26) දින බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ සංචාරයක නිරත වෙමින් භටපිරිස්වල අවශ්‍යතාවයන් සහ බලඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.
2023-05-30 21:36:37
වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රයෙහි 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉකුත් බදාදා (මැයි 24) දින රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එච්.ඩී.එස්.ආර් සිරිමාන්න යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.
2023-05-29 09:31:16
වසර තිස්තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (03) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-05-26 11:06:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් ධූරයේ කටයුතු කරනු ලබන යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී, මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව පසුගිය 15 (සදුදා) දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
2023-05-26 11:05:10
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.ඩී. විජේරත්න පසුගිය සඳුදා (මැයි මස 8) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-05-26 11:05:09
අභිනවයෙන් උසස්වීම් ලැබූ බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (24) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
2023-05-24 23:24:59
අභිනවයෙන් උසස්වීම් ලබා රොක් හවුස් කඳවුර තුළ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-05-24 23:14:59
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගිය සඳුදා (22) දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත වූහ. එම මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන සහ ඒකකයන්හි පාලන කටයුතු පිළිබඳව දැනුවත්වීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.
2023-05-23 18:36:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන කර්නල් සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය සඳුදා (මැයි මස11) දින කොළඹ 05, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි ආරම්භ කළේය.
2023-05-23 18:13:42
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ ධූරයේ රාජකාරි හොබවන කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී පීඑස්සී විසින් රචනා කළ ‘Story of the World’ කෘතියේ පිටපතක් පසුගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් ෆ්රැන්කොයිස් පැක්ටෙට් (HE Jean-François Pactet) මහතා වෙත පිළිගැන්වීය.