Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2023 21:40:31 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (මැයි 26) දින බූස්සේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ සංචාරයක නිරත වෙමින් භටපිරිස්වල අවශ්‍යතාවයන් සහ බලඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කරන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එස්.එන් සමරනායක විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ එතුමන් පසුව භටපිරිස් අමතා සිය දැක්ම පැහැදිලි කළේය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට මත්තෙන් එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.