Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2023 09:31:16 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

වසර තිස්තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (03) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව එතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.

බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙනුවෙන් කළ සේවය සහ කැපවීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමෙින්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය විසින් මෙහිදී නුදුරේදි විශ්‍රාම ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ භාර්යාව වන සජීවා ලියනගේ මහත්මිය වෙත ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. බ්‍රිගේඩියර් එල්.කේ.අයි.ජී එම් ලොකුකැටගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එහිදි සියලු නිලධාරීන් අමතමින් සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස තම රාජකාරිය ඉටුකිරීම සඳහා සියලු දෙනා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

උත්සව අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.