Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    2023-07-10 09:33:21

    මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.

  • යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

    2023-07-09 20:21:21

    යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

    වසර 28 කට වැඩි කාලයක් රට වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (07) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම, ගලවිලවත්ත - නියදගල සුසාන භූමියේදී සිදුකෙරිණි.

  • 64 සේනාංකයේ භටපිරිස්වල මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි

    2023-07-09 18:36:18

    64 සේනාංකයේ භටපිරිස්වල මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ වෛද්‍යවරුන්ගේ සහයෝගීතාවයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (ජූලි මස 02) දින ඔඩ්ඩුසුඩාන් ජාතික පාසල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී දියත්කරන ලදී.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ක්ෂේත්‍ර සංචාරයක

    2023-07-09 18:32:30

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ක්ෂේත්‍ර සංචාරයක

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජුලි මස 3 සහ 4 දෙදින තුළ අයියකච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ මැණික් ෆාම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශවල ස්ථාපිත 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයන්හි නිරතවිය.

  • අධික වර්ෂාවෙන් විපතට පත්වූවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    2023-07-09 18:28:51

    අධික වර්ෂාවෙන් විපතට පත්වූවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයත් සමඟ ජුලි මස 06 වන දින ගමනාගමන කටයුතුවලට සිදු වූ බාධා, නිවාස සහ ගොඩනැගිලි හානි, ගස් කඩා වැටීම් ආදී ව්‍යයසනයන් සහ විවිධ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 60 කට අධික පිරිසක් සිය දායකත්වය දක්වමින් පැය කිහිපයක් ඇතුළත එම සුන්බුන් ඉවත් කර, අලුත්වැඩියා කටයුතු සිදුකර මුදවාගැනීමේ කටයුතු ද සිදුකරනු ලැබූහ. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 73 කට සහ විහාරස්ථාන දෙකකට හානි සිදු විය.

  • 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල මූලිකත්වයෙන් මහසෙන්පුර සිසුන්ට ප්‍රතිලාභ

    2023-07-09 18:26:29

    20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල මූලිකත්වයෙන් මහසෙන්පුර සිසුන්ට ප්‍රතිලාභ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි 221 පාබල බලසේනාවට අයත් 20 ගජබා රෙජිමේන්තුව, පරිත්‍යාගශීලියෙකුගේ සහයෝගය මත මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (ජූලි මස 04) දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

  • 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් රුධිර පාරවිලයන වැඩසටහනක්

    2023-07-09 18:25:31

    6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් රුධිර පාරවිලයන වැඩසටහනක්

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව ඉකුත් අඟහරුවාදා (ජූලි මස 04) දින මොරවැව ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

  • 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන් වෙත තැඹිලි බෙදාදෙයි

    2023-07-09 18:23:19

    1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන් වෙත තැඹිලි බෙදාදෙයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු තවත් රෝගීන් පිරිසක් වෙත තැඹිලි බෙදාදෙන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් ඇසළ පොහොය දින බැතිමතුන් සඳහා දානය සහ ගිලන්පස පූජා කරයි

    2023-07-09 18:21:21

    ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් ඇසළ පොහොය දින බැතිමතුන් සඳහා දානය සහ ගිලන්පස පූජා කරයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් එක්ව පසුගිය සඳුදා (03) දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැති ‘සීල සමාදාන’ වැඩසටහනට සහභාගී වූ සැදැහැවතුන් 600 දෙනෙකු සඳහා ගිලන්පස සහ දානය පූජා කරන ලදී.

  • 55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

    2023-07-08 21:52:03

    55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

    යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ පූජ්‍ය එම්.එස්. චින්නයියා සහ තබිතා චින්නයියා පියතුමා ඔවුන්ගේ පියා වන ජෝයි අරුල්රාජා මහතා සිහිපත් කිරීම සඳහා ‘වන්නි ඒඩ්ස්’ සංවිධානය සහ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.