Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2023 18:25:31 Hours

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් රුධිර පාරවිලයන වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව ඉකුත් අඟහරුවාදා (ජූලි මස 04) දින මොරවැව ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් 55 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.ඩබ්ලිව්.එන්.පී.ඩබ්ලිව්.බී.එස්.යූ.බී පිළිමතලාව පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.