Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2023 18:21:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් ඇසළ පොහොය දින බැතිමතුන් සඳහා දානය සහ ගිලන්පස පූජා කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් එක්ව පසුගිය සඳුදා (03) දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැති ‘සීල සමාදාන’ වැඩසටහනට සහභාගී වූ සැදැහැවතුන් 600 දෙනෙකු සඳහා ගිලන්පස සහ දානය පූජා කරන ලදී.

භටපිරිස් විසින්ම දානය සහ ගිලන්පස පිළියෙල කරනු ලැබු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනායාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.