2023-07-24 18:48:27
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 101’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (ජූලි මස 21) දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2023-07-24 18:42:21
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගාල්ල, උණවටුන ඓතිහාසික ‘යටගල’ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (20) දින ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2023-07-24 18:37:07
යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ 2023 ජූලි මස 15 දින 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-07-23 16:52:08
චීනයේ, උරුම්කි ප්‍රදේශයේ...
2023-07-23 16:47:51
අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-07-23 16:40:15
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිරිමි...
2023-07-23 16:35:25
ධූරයෙන් නික්ම යන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් ජුලි මස 18 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2023-07-22 19:22:37
නව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (ජූලි මස 19) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-07-22 19:17:30
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින උදෑසන ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් වෙනුවෙන් ‘සිත් නිවා හමා එන - අමා බුදු ගුණ සුවඳ’ තේමාව ඔස්සේ ධර්ම දේශනාවක් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-21 02:18:22
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 140 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හබරණ, තලපත්කන්ද, හතරැස්කොටුව ප්‍රදේශයේ පසුගිය බදාදා (ජූලි මස 19) දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මෙම ලැව්ගින්න විශාල ගස් සහ පඳුරු වලින් සමන්විත වනාන්තරයේ වර්ග කිලෝමීටර් 7 ක් පුරාවට පැතිර ගොස් තිබිණි.