22nd July 2023 19:22:37 Hours
නව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (ජූලි මස 19) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.එච්.එන්.පී. හැන්නදිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබූහ. පසුව, එතුමන් එම මූලස්ථානය රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.
සමූහ ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිටි නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් රාජකාරීන් සහ වගකීම් පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයන් දැනුවත් කරන ලදී.
උත්සවය සමාප්තියේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවිය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.