22nd July 2023 19:17:30 Hours
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින උදෑසන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් වෙනුවෙන් ‘සිත් නිවා හමා එන - අමා බුදු ගුණ සුවඳ’ තේමාව ඔස්සේ ධර්ම දේශනාවක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම හා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම ධර්ම දේශනාව පැවැත්විණි. ධර්ම දේශනාව සමාප්තියේ පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා වෙත දානය පුජා කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මාණ්ඩලික නිලධාරීන් සහ 600 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.