2023-10-09 21:50:34
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කොට්ඨාෂ 15 යටතේ සේවයේ නියුතු 141 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින ගණේමුල්ල, හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට කඩා වැටීමේ අවදානමින් පැවති ගස් කිහිපයක් කපා ඉවත්කිරීමට කටයුතු කරනු ලැබීය.
2023-10-09 21:46:29
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 06) දින පනාගොඩ, පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-10-09 21:27:29
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්පී අනුස්මරණය කිරීම සඳහා කොස්ගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය තුළ ඉදිකරන ලද නව ස්මාරකය, එම නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ ආරාධනයෙන් ස්වේච්ඡා බලසේනා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 04) දින විවෘත කරන ලදී.
2023-10-09 11:51:28
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සෙබළුන්ගේ හමුදා දැනුම සහ සාමාන්‍ය දැනුම ඉහළ නැංවීමේ අරමුණින් විධායක ජෙනරාල් ශාඛාව මගින් සෙසු නිලයින් සඳහා පවත්වන ලද ප්‍රශ්න - පිළිතුරු තරඟය යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පැවැත්විණි.
2023-10-08 20:54:00
ලෝක ළමා දිනය නිමිත්තෙන්, ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත කන්නඩුකේනි දමිළ මිශ්‍ර පාසල, කොක්කුතුඩාවි දමිළ පාසල, කෝකිලායි දමිළ පාසල සහ කෝකිලායි සිංහල මිශ්‍ර පාසල යන පාසල් වල අධ්‍යාපන කටයුතුවල නිරත අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 201 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 03) දින මුලතිව් විද්‍යානන්ද ජාතික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-10-08 20:53:00
ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය- මධ්‍යම භටපිරිස් සහ බණ්ඩාරවෙල සිංහ සමාජය එක්ව දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් පසුගිය අඟහරුවදා (ඔක්තෝබර් මස 03) දින සංවිධානය කරන ලදී.
2023-10-08 20:50:00
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා දකුණු කොළඹ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අක්ෂි සායනයක් පසුගියදා සංවිධානය කරන ලදී. එම සායනයේදී දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 125 දෙනෙකු වෙත අදාල ප්‍රථිකාර කටයුතු සිදුකරනු ලැබීය.
2023-10-08 20:45:00
ස්වේෂිනි සුබසාධන ආයතනයේ හිමිකරු රවී රාජපක්ෂ මහතාගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 38900.00 වටිනාකමකින් යුත් කසල බඳුන් හතරක් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, විසින් පුරාණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනය සඳහා පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 30) දින පරිත්‍යාග කරන ලදී.
2023-10-07 09:33:05
යුද්ධ හමුදා භටපිරිස් මාතර, මාලිම්බඩ සහ සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වයන් සඳහා හදිසි ගංවතුර සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී. 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින සවස සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය දෙපස වැලි කොට්ට යොදා ගනිමින් මාලිම්බඩ ප්‍රදේශයේ අනෙකුත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුරෙන් වන හානි වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකලහ.
2023-10-06 22:07:58
61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මාතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අකුරැස්ස, පිටබැද්දර, අතුරලිය සහ දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අධික වර්ෂාවෙන් ආපදාවට පත්වූවන් සඳහා මානුෂීය සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිති.