09th October 2023 21:27:29 Hours
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්පී අනුස්මරණය කිරීම සඳහා කොස්ගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය තුළ ඉදිකරන ලද නව ස්මාරකය, එම නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ ආරාධනයෙන් ස්වේච්ඡා බලසේනා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 04) දින විවෘත කරන ලදී.
කපිතන් සාලිය අලදෙණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ ඉතිහාසයේ ‘පරම වීර විභූෂණ’ (PWV) සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම හමුදා සාමාජිකයා වන අතර, එය සෙබළෙකුගේ උත්තරීතර පරිත්‍යාගය අගයමින් මරණින් පසු පිරිනමන ඉහළම පදක්කම ලෙස සැලකේ.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය තුළ මෙම ස්මාරකය ඉදිකරන ලදී.
සර්ව ආගමික වතාවත්වලින් පසු රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ දිවංගත කපිතන් සාලිය අලදෙණිය වෙත පිං අනුමෝදන් කිරීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ විය.
උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කළ අතර, අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නව ස්මාරකය රටවෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. පසුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්පී මතකය අනුස්මරනය කරමින් පුෂ්පෝපහාර පුද කළේය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්ථාදීන් සමඟ කොකාවිල්හි පැවති දරුණු සටනේදී සතුරන්ට යටත් නොවී රට වෙනුවෙන් දිවි පිදූ කපිතන් සාලිය අලදෙණිය ඇතුළු එතුමන්ගේ කණ්ඩායම පිළිබඳ ඉතිහාස කතාව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් මෙම ඓතිහාසික අවස්ථාවේදී සිදුකළේය. ඇමතූහ. කපිතන් සාලිය අලදෙණියගේ ආදරණීය මෑණියන් වන ඉන්ද්‍රානි අලදෙණිය මහත්මිය සහ එවකට අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් අබය වීරකෝන් (විශ්‍රාමික) කේඑස්වී ZOOM සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ මෙම උත්සවයට එක් වූහ.