Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2023 21:46:29 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 06) දින පනාගොඩ, පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී භටිපිරිස් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී සියලු නිලයන් සමඟින් පැවැති තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී විය. පසුව සියලු නිලයන් අමතමින් තම රාජකාරී කාලසීමාව තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත කෘතවේදීත්වය පුදකළේය. ඉන් අනතුරුව, එතුමන්ගේ විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරනු ලැබීය. ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එදින සන්ධ්‍යාවේ හමුදා සම්ප්‍රධායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී.

මෙම දින වැඩසටහන සඳහා 61 සහ 14 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.