2023-12-07 19:13:43
මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් එච්.පී.එල් ද අල්විස් යූඑස්පී එල්එස්සී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ පසුගියදා ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2023-12-06 20:22:20
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්.එම්.ඒ.බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත පැරණි 593 පාබල බලසේනා පරිශ්‍රයේදී ජංගම අක්ෂි සායන කඳවුරක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකු සහභාගී වූහ.
2023-12-06 20:18:58
4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන සංවත්සර දිනය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ඒකක පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
2023-12-06 20:15:14
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නොවැම්බර් මස 30 දින සිට දෙසැම්බර් මස 04 දින දක්වා පැවති ‘ජාතික මුයිතායි ශූරතාව - 2023’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ තවත් ක්‍රීඩා සමාජ 30 ක් නියෝජනය කරමින් දිවයින පුරා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 දෙනෙක් සහභාගී වූහ.
2023-12-06 20:08:54
කතරගම පුදබිමේ වාර්ෂිකව පවත්වනු ලබන කාති මංගල්‍යය පැවැත්වීම සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින සිය දායකත්වය ලබාදුන්හ.
2023-12-06 20:07:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-12-06 20:06:12
68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (2023 දෙසැම්බර් මස 4) දින එම සේනාංකයේ 14 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-06 20:04:02
අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-12-06 20:01:48
8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින ජීවනගර් ප්‍රදේශයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-12-06 19:58:37
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී පැවැත්විණි.