Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2023 19:58:37 Hours

2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 27 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී පැවැත්විණි.

සංවත්සර දින උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එ්කක අණදෙන නිලධාරීතුමන් විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම ඒකකයේ රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ එදින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීය.