Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2023 20:22:20 Hours

මුලතිව් භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් අක්‍ෂි සායනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්.එම්.ඒ.බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත පැරණි 593 පාබල බලසේනා පරිශ්‍රයේදී ජංගම අක්‍ෂි සායන කඳවුරක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකු සහභාගී වූහ.

අක්‍ෂි සායන කඳවුර සඳහා පැමිණි එම සිවිල් වැසියන් සඳහා 591 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිසිල් බීම, දිවා ආහාරය සහ ප්‍රවාහන පහසුකම් ද ලබාදෙනු ලැබීය.

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය නිෂ්මා රාසීක් මහත්මිය ප්‍රමුඛ මුලතිව් සහ වව්නියා රෝහල්හි වෛද්‍ය කණ්ඩායමක් විසින් පැවැත්වූ මෙම සායනය පෙරවරු 0830 සිට සවස 0500 දක්වා පැවැත්විණි.

ජංගම අක්‍ෂි සායනය සඳහා වවුනියාව රෝහලේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය සර්වේශ්වරම් මහතාගේ උපදෙස් මත වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.

ජංගම අක්‍ෂි සායනය මඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකිරීමට නිර්දේශිත රෝගීන් ලබන සඳුදා (දෙසැම්බර් මස 11) දින එම සැත්කම් සඳහා වවුනියාව රෝහල වෙත ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.

පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය මත දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් වෙත ඇස් කණ්ණාඩි තොගයක් ද මෙම අවස්ථාවේදී පරිත්‍යාග කෙරිණි.

ජංගම අක්‍ෂි සායනය සඳහා පාසල් සිසු සිසුවියන්ද සහභාගී වූහ.