2024-03-25 15:30:13
11 ගැමුණු හේවා බලකාය විසින් අක්ෂි ආබාධ සහිත නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් එම ඒකකයට අයත් ‘බී’ කණ්ඩායම් කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වන ලදී.
2024-03-25 15:26:15
221 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය, සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ ‘හැපි කිඩ්ස්’ පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වනු ලැබීය.
2024-03-25 15:26:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ (සයිබර් ආරක්ෂක) නිල සංචාරයක නිරත විය.
2024-03-25 15:25:48
I‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කෘෂිකර්මාන්තයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ‘මී’ පැල බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 56 පාබල සේනාංක පරිශ්‍රයේදී සිදු කරන ලදී.
2024-03-25 15:00:56
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-03-22 14:19:34
ඉන්දියාවේ ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය (DDSS) සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (CASS) සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය (CCAS) විසින් සංවිධානය කරන ලද 3 වන ආරක්ෂක සහ උපායමාර්ගික සමුළුව ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි පූනේ විශ්ව විද්‍යාලයීය ‘Sant Dnyaneshwar’ ශාලාවේදී මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්විණි.
2024-03-22 14:17:42
1 ශ්‍රී ලංකා පුරෝගාමී බලකාය විසින් පාසල් අධ්‍යාපය ලබන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වලල්ලාවිට - මගුරුමස්විල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභී පවුල් වල ළමුන් 150 දෙනෙකු සදහා පාසල් බෑග් ප්රදානය කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය බදාද (මාර්තු මස 13) දින පැවැත්වූහ.
2024-03-22 11:20:42
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, 26 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (මාර්තු මස 18) දින පවත්වනු ලැබීය.
2024-03-21 18:16:38
ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද (මාර්තු මස 21) දින අලුයම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට එතුමන් 59 වැනි වියේ පසුවිය.
2024-03-21 13:14:19
යුද්ධ හමුදාධිපතිතුන්ගේ උපදෙස් මත දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත සිසුසිසුවියන් අධ්‍යාපනය ලබන වෙල්ලස්ස, ‘සුභග්යා’ විද්‍යාලයීය පරිශ්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එහි ආරක්ෂාව තර කිරීමේ අරමුණින් 121 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.