Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2024 14:19:34 Hours

කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී ඉන්දියාවේ පැවති 3 වන ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව අමතයි

ඉන්දියාවේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය (DDSS) සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (CASS) සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය (CCAS) විසින් සංවිධානය කරන ලද 3 වන ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි පූනේ විශ්ව විද්‍යාලයීය ‘Sant Dnyaneshwar’ ශාලාවේදී මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්විණි.

සම්භාවනීය පිරිස ඇමතූ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී කලාපීය ආරක්‍ෂාව සහ භූ දේශපාලන ගතිකත්වය පිළිබඳ සහ ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකාවේ දැනුවත්භාවය පිළිබඳව අවධාරණය කළේය. නාවික නිදහස තහවුරු කරමින් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපතිතුමන්ගේ කැපවීම සහ ගෝලීය බල එදිරිවාදිකම්වලදී ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය පිළිබඳවත් සිය දේශනයේදී එතුමන් අවධාරණය කළේය.

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන් (General Anil Chauhan) ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය ආරම්භ කරන ලද අතර, කීර්තිමත් කථික මණ්ඩලයක් විසින් දෙදිනක් පැවති මෙම සැසිවාරයේදී විවිධ මාතෘකා යටතේ සිය දේශනයන් ඉදිරිපත් කරන ලදී.