2024-04-22 13:08:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 18 දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.
2024-04-22 12:30:15
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 16 දින සම්ප්‍රදායික තේ මේසයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-04-22 11:48:15
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2024 අප්‍රේල් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.
2024-04-19 20:06:53
11 පාබල සේනාංකයේ භට පිරිස් විසින් වැලිමඩ ගල්දණ්ඩ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙක් වන ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ. ඩෙනිස් පෙරේරා වීඑස්වී එන්ඩීසී පීඑස්සී ගේ පව්ලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහය ඇතිව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් 15 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
2024-04-19 20:02:46
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය කණ්ඩායම් 19 ක් සහ රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 113 දෙනෙකු සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 07 දින සිට 2024 අප්‍රේල් මස 10 දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත් වීය.
2024-04-19 20:02:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් 2024 අප්‍රේල් මස 17 දින විවෘත කරන ලදී.
2024-04-19 19:58:33
සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමගාමීව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 18 දින එම කාර්යාලය විසින් අවුරුදු උත්සවයක් පැවැත්විය.
2024-04-19 19:54:14
සිංහල හා දම්ල අලුත් අවුරුද්ද නිමිත්තෙන් 11 පාබල සේනාංකය රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 18 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත් වූහ
2024-04-18 15:01:00
යාපනය අර්ධද්වීපය හරහා අප්‍රේල් මස 06 සිට 30 දින දක්වා වැඩම කරවමින් පවතින මඩු දේව ප්‍රතිමාව පසුගියදා පලාලි, උරනි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
2024-04-18 15:00:42
ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 10 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.