Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2024 15:00:42 Hours

ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 10 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් කාර්යාල පරිශ්‍රයේදී සිය ධූරයේ කටයුතු නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එතුමන් සියළුම නිලයන් අමතමින් සිය ධුර කාලය තුළදී රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා දක්වන ලද කැපවීම අගය කරන ලදී.

උත්සව කටයුතු අවසානයේදී ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් ද සහභාගී වූහ.