Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2024 19:58:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමට සහය ලබාදෙන ලදී

සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමගාමීව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 18 දින එම කාර්යාලය විසින් අවුරුදු උත්සවයක් පැවැත්විය.

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් එක් වූ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා සිය සහය ලබා දෙන ලදී.

කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, කොට්ට පොරය, කනා මුට්ටිය බිදීම, පොල් ගෑම, සංගීත පුටු තරඟය, බැලූන් පිපිරවීම, ගෝනි රේස්, හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන දිවීම, විකට ඇඳුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික හා විනෝදාත්මක ජන ක්‍රීඩා රැසක් ඇතුළත් විය.

මෙම උත්සවයට සම්භාවනීය අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු උත්සවයට සහභාගී වූහ.