2017-07-06 07:55:15
දිවයිනට පැමිණ සිටින විද්වතුන් සහ ගැටුම් නිරාකරණ අධ්‍යන වෘත්තීකයන්ගෙන් සමන්විත විදේශීය නියෝජිත පිරිසක් තම ක්ෂේත්‍ර චාරිකාවේ අංගයක් ලෙස සඳුදා (03) වන දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2017-07-05 20:03:04
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ඉල්ලීමකට අනුව පෑලියගොඩ සිංහ සමාජය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම් ලාභී ජනතාව වෙත ලිපි ද්‍රව්‍ය, ඇස්කණ්ණාඩි සහ රෝද පුටු පරිත්‍යාගය කිරීම ඉරිදා (02) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.
2017-07-04 23:44:28
ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාත්මික සුවතා භාවනා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් සිකුරාදා (30) දින කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2017-07-04 23:43:09
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන සංගීත සැඳෑව සහ සැණකෙළිය ‘රණවිරු උදානය - 2017’ දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේ දී ජුනි මස 23 සහ 24 දෙදින තුළ පවත්වනු ලැබීය.
2017-07-03 20:59:18
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඇගයිම වෙනුවෙන් වර්ණ ප්‍රදාන උත්සවය ජූනි මස 29 සහ 30 යන දිනයන්හි කුරුණෑගල වයඹ පලාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. ජාතික ආරක්ෂක බලමුළුව මඟින් යුද්ධ හමුදාව වෙත දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකර ඇති අතර, මෙම වර්ණ රාත්‍රියේ දී සේවයේ යෙදී සිටින.....
2017-07-03 20:52:04
තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පැවැත් වූ ත්‍රෛමාසික පැළ තවාන් ශිල්පය පිළිබඳව පාඨමාලාව සිකුරාදා (30) දින අවසන් විය. ‘අපි වවමු - රට නගමු’ ජාතික වැඩසටහනට සමගාමිව ආරම්භ කළ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සහභාගි වූ අතර,....
2017-07-03 20:44:59
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ 5 වන අදියර, අඟහරුවාදා (27) දින හොරිවිල මහාමායා ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදි. යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක........
2017-07-03 11:41:25
යුද්ධ හමුදා පුහුණු අණසක(ARTRAC), යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) එක්ව සංවිධානය කළ හයිලැන්ඩර් කුසලාන ගොල්ෆ් තරඟාවලිය, 2017 ජූලි මස 01 (සෙනසුරාදා) දින දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේ දී පවත්වනු ලැබීය.
2017-07-03 11:40:27
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සෙවිමේ සහ මුදවා ගැනීමේ භට පිරිස් සඳහා ජූනි මස 29 සහ 30 යන දිනයන්හි දී මුලික දැනුමක් ලබාදීමේ අරමුණින් යුතුව මහනුවර පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා මූලස්ථානයේ දී වැඩමුළුවක් පවත්වන ලදි.
2017-07-03 11:39:37
යාපනය, කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තර්මජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සම්බන්ධීකරණයෙන් සිකුරාදා (30) දින එම පාසලේ සිසුන් කණ්ඩායමක් සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලැබීය.